දෙවියන් වහන්සේගේ විශ්‍රාමය
1එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු. 2මන්ද, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය. 3ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත.
එසේ වුව ද, අදහාගත් අපි ඒ විශ්‍රාමයට ඇතුළු වෙමු. සැබැවින් ම ලෝකය මැවීමේ සිට, දෙවියන් වහන්සේගේ වැඩ නිම වී තිබුණේ ය. 4උන් වහන්සේ එක් තැනක සත් වන දවස ගැන කතා කොට, “දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතුවලින් සත් වන දවසේ දී නිවාඩු ගත් සේකැ”යි කියා තිබේ. 5නැවත මේ පාඨයෙහිත්:
“ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය”යි කියා ඇත. 6එබැවින් සමහරුන් ඊට ඇතුළු විය යුතු බැවින් ද, ඒ සුබ අස්න පළමුකොට ඇසූ අය, අකීකරුකම නිසා ඇතුළු නො වූ බැවින් ද, 7උන් වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මඟින් ඉහත කී ලෙස කතා කරවමින්:
12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය. 13උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
ශ්‍රේෂ්ඨතම උත්තම පූජකයාණෝ
14එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු. 15මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. 16එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.