පාළුකරය මැදින් ප්‍රඥාව මඟපෙන්වීම
1ශුද්ධ දිවැසිවරයෙකු මඟින් ප්‍රඥාව ඔවුන්ගේ ක්‍රියා සාර්ථක කළා ය.
2ඔව්හු ජන ශූන්‍ය පාළුකරයක ගමන් කොට පහසුවෙන් යා නොහැකි තැන්වල කූඩාරම් බැන්දෝ ය.
3ඔව්හු තමන්ගේ සතුරන්ට එරෙහි ව නැඟිට ඔවුන් පරාජය කළෝ ය.
4ඔව්හු පිපාසාවෙන් සිටින විට ඔබට හඬගැසුවෝ ය.
එවිට ඔවුන් හට ගිරි කඳුරකින් වතුර දෙනු ලැබී ය.
මෙලෙස දැඩි කළු ගලින් ගලා ආ ජලයෙන් ඔවුන්ගේ පිපාසය සන්සිඳවිණි.
5මෙලෙස ඔවුන්ගේ සතුරන්ට දඬුවම් දීමට ගත් දේ ම ඔවුන්ගේ විපතේ දී ඔවුන්ට ප්‍රයෝජනය විය.
මිසර වැසියන්ට පහර දීම
9ඔබේ දයාව පෙන්වන තරවටුවක් වැනි ඔවුන්ගේ දුක් කරදරවලින් ඔව්හු, උදහස් තීන්දුවලින් දඬුවම ගැන ඔබේ දයාව පෙන්වන තරවටුවක් වැනි ඔවුන්ගේ කරදරවලින්, ඉගෙනගත්හ.
10පියෙකු දරුවන්ට දඬුවම් දෙන පරිදි ඔබ ඔවුන් පරික්ෂා කළ සේක.
එහෙත්, දරුණු රජෙකු යටත් වැසියන් වරදට පත්කොට හෙළා දකින ලෙස ඔබ අනිත් අය දැඩි ලෙස විභාග කළ සේක.
11ඔව්හු දුර හෝ ළඟ හෝ සිටියාහු වෙත් වා, වෙහෙසට පත් වී සිටියෝ ය.
12ඔවුන් වෙළී සිටි වේදනාව දෙගුණයක් විය.
අතීතය සිහි වන විට සුසුම්ලෑම දෙගුණ විය.
13ඔවුන්ට දඬුවම් දුන් දේ ම අනිත් අය ප්‍රීති ප්‍රමෝද කර වූ බව ඔවුන් ඇසූ විට ඔව්හු ඒ ක්‍රියා තුළ දෙවිඳුන් දුටහ.
14සියල්ල නිම වූ විට බොහෝ කලකට පෙර ඔවුන් පිටත දමා අනතුරට පාත්‍ර කොට ඉන්පසු ව සමච්චලයට ලක් කළ තැනැත්තා ගැන ඔව්හු මවිතයට පත් වූ හ.
ඔවුන් එසේ කළේ පිපාසය දැහැමියාට වඩා වෙනස් ලෙස ඔවුනට දැනුන බැවිනි.
මිසරය ගැන දෙවි සමිඳුන්ගේ ඉවසීම
15බුද්ධි හීන නාගයන් සහ පිළිකුල් වන සතුන් නමදින පිණිස ඔවුන්ගේ මෝඩ පවිටු සිතුවිලි ඔවුන් නොමඟ යැවූ බැවින් ඔවුන්ට දඬුවම් කරන පිණිස ඔබ බුද්ධි විරහිත සතුන් විශාල ගණනක් මවා
16පාපයේ උපකරණ පාපයට දෙන දඬුවම වන බව ඔවුන්ට ඉගැන්වූ සේක.
20තවද, මොවුන් නොමැති ව පවා ඔබේ බලයේ හුස්මෙන් ගසාගෙන යනු ලැබ ඔබේ සාධාරණකමින් ලුහුබඳිනු ලැබ ඔබේ එක හුස්ම බිඳක බලයෙන් ඔවුන් මැරී වැටෙන්නට ඉඩ තිබිණි.
ඔබ ගණන, මිම්ම, කිරුම, ඇතුව සියල්ල පිළියෙළ කළ සේක.
ඉවසීම විස්තර කිරීම
21ඔබේ මහා සවිශක්තිය නිතර ඔබට අවනත ය.
ඔබේ බාහු බලයට එරෙහි ව නැඟිටිය හැක්කේ කාට ද?
22ඔබ අබිමුව මුළු ලොව තරාදිය උස් පහත් කළ හැකි දූවිලි කුඩක් හා සමාන ය.
පොළොවට වැටෙන උදය කාලයේ මීදුම් බිඳක් හා සමාන ය.
23එහෙත්, ඔබට සියල්ල කළ හැකි බැවින් ඔබ සියල්ලන් හට දයාන්විත ය.
මිනිසුන් තම පව් ගැන පසුතැවී සිත් හරවා ගන්න පිණිස ඔබ ඔවුන්ගේ පාප ගැන නොසැලෙන්නෙහි ය.
24එසේ ය, මිහි මත ඇති සියල්ලට ඔබ ප්‍රේම කරන සේක.
ඔබ විසින් සාදන ලද කිසිවක් ඔබ පිළිකුල් නොකරන සේක.
මන්ද, ඔබ යමකට ද්වේෂ කළ සේක් නම්, ඔබට එය නොසාදන්න ඉඩ තිබිණි.
25ඔබට අභිමත නොවූ සේක් නම්, යමක් පවතින්නේ කෙසේ ද?
ඔබ නොසෑදූ සේක් නම්, යමක් ආරක්ෂා වන්නේ කෙසේ ද?
26සමිඳුනි, ජීවමාන සියල්ලට ප්‍රේම කරන්නාණෙනි, සියල්ල ඔබ සතු බැවින් ඔබ සියල්ල ම ආරක්ෂා කරන සේක.
සියල්ල තුළ ඔබේ අමරණීය ආධ්‍යාත්මය විනිවිද යයි.