සොහොන
1ඔවුන් ආහාර ගෙන ඉවර කළ පසු, නිදන්නට යන්න වේලාව පැමිණි විට, තරුණයා කෑම කාමරයෙන් යහන් ගබඩාවට ගෙන යන ලදී. 2තෝබියස්ට රපියල්ගේ අවවාදය මතක් විය. ඔහු මල්ල ළඟට ගොස් මත්ස්‍යයාගේ හදවත සහ අක්මාව එයින් ගෙන, ටිකක් දැවෙන සුවඳ දුම් මත තැබුවේ ය. 3මත්ස්‍යයාගේ දුමාරය යක්ෂයා සංවේගයට පත් කළ බැවින් ඌ අහසට නැඟ මිසර දේශයට පලා ගියේ ය. රපියල් එහි ඌ ලුහුබැඳ ගොස්, ඌ බැඳ සැණෙකින් ඌට විලංගු දැම්මේ ය.
4ඒ අතරතුරේ දී ඇගේ දෙමාපියන් පිටතට ගොස් දොර වසාදමා තිබිණි. තෝබියස් ඇඳෙන් නැඟිට, සාරා අමතා, “මාගේ සොහොයුරිය, නැඟිටින්න. ඔබත් මමත් යාච්ඤා කරමු. සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදයත්, රැකවරණයත් ලැබෙන පිණිස උන් වහන්සේගෙන් ඉල්ලමු”යි කීවේ ය. 5ඇය නැඟිට්ටා ය. ඔව්හු රැකවරණය ලැබෙන පිණිස යාච්ඤා කිරීමට පටන් ගත්තෝ ය. තෝබියස් මෙලෙස යාච්ඤාවට මුල පිරී ය.
8දෙදෙනා ම එකට “ආමෙන්, ආමෙන්” කියා පිළිතුරු දී රෑ නිදාගත්හ.
9එහෙත් රගුවෙල් නැගිට, තම මෙහෙකරුවන් කැඳවී ය. ඔව්හු පැමිණ වළක් කැණීම සඳහා ඔහුට උදව් කළහ. 10“ඔහුට මිය නොයෑමට ස්වර්ගයෝ වරම් දෙන සේක් වා! අවමානයෙන් සහ ලජ්ජාවෙන් අප ඇලළී යන්ට පුළුවනැ”යි ඔහු සිතාගෙන තිබිණි. 11වළ කැණ හමාර කළ පසු රගුවෙල් ආපසු ගෙදර ගොස්, තම බිරිඳ කැඳවා, 12“තෝබියස් තවමත් ජීවතුන් අතර දැ යි බැලීමට කාමරයට සේවිකාවක් අරින්න. ඔහු මියගොස් තිබේ නම්, කාත් කවුරුවත් නොදන්න ලෙස අපට ඔහු භූමදාන කරන්න පුළුවන් ය”යි කී ය.
13සේවිකාවක් කැඳවන ලදී. පහන දල්වන ලදී. දොර ද අරින ලදී. සේවිකාව ද ඇතුළු වූවා ය. 14දෙන්නා ම හොඳින් නිදා සිටිනු ඇයට දකින්න ලැබිණි. ඇය යළි පිටත අවුත්, “ඔහු මියගොස් නැත. සියල්ල ම හොඳින් ඇතැ”යි කනට කොඳුරා කීවා ය. 15එවිට රගුවෙල් මේ වචනවලින් ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය.
18උදය පහන් වීමට පෙර ඔහු තම මෙහෙකරුවන් ලවා වළ පිරවී ය.
19ඉන්පසු යහමින් ආහාර පිළියෙළ කරන ලෙස ඔහු තම බිරිඳට කීවේ ය. ඔහු ද රැළට ගොස් හරකුන් දෙදෙනෙකු ද බැටළුවන් හතර දෙනෙකු ද ගෙනැවිත් උන්ගෙන් කෑම පිළියෙළ කිරීමට අණ දුන්නේ ය. එවිට උත්සවය ආරම්භ විය. 20ඔහු තෝබියස් කැඳවා, “දෙසතියක් යනතෙක් ඔබ මෙතනින් පිට වී යෑම ගැන මා කැමැති නැත. ඔබ ඉන්න තැන ම නැවතී මා සමඟ ආහාරපාන ගත යුතු ය. මාගේ දුව ඇගේ සියලු කරදරවලින් පසු ඔබ ඇය සතුටු කරන්නෙහි ය. 21ඉන්පසු මා සතු සියල්ලෙන් බාගයක් රැගෙන කිසි බාධාවක් හෝ අවහිරයක් හෝ නැති ව ඔබේ පියා වෙත ඔබට යන්න පුළුවන. මාත් මාගේ බිරිඳත් මියගිය පසු අනිත් බාගයත් ඔබට අයිති වේ. ම පුත, ධෛර්යවත් ව ඉන්න, ඔබේ පියා මම ය. ඔබේ මව එඩිනා ය. ඔබේ සහෝදරීගේ දෙමාපියන් වන අපි මින් ඉදිරියට ඔබේත් දෙමාපියෝ වෙමු. ම පුත, ධෛර්යවත් ව සිටින්නැ”යි කීවේ ය.