පාස්කු ගීයක්

1ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ද ජාකොබ්ගේ පරපුර විදේශයකින් ද නික්ම ගියෝ ය.

2එවිට ජුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමන්ගේ රාජ්‍යය විය.
3රතු මුහුද එය දැක පලා ගියා ය;
ජොර්දාන් ගඟ ආපසු ගලා යෑම නැවතුණේ ය.
4කඳු, බැටළුවන් මෙන් ද කුඩා හෙල්, බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කෙළේ ය.
5එම්බා රතු මුහුද!
නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?
6එම්බා කඳු!
නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද?
7එම්බා මිහිකත!
පර්වත දිය පොකුණක් බවට ද ගිනි ගල දිය උල්පතක් බවට ද හරවන දෙවිඳුන්,
8එනම්, ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමන් අබියස බියෙන් ඇලළෙමින් වෙවුලන්න.