අම්මොන් පිළිබඳ විනිශ්චය
1අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද? 2මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 3අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය. 4අවිශ්වාසී ජනයෙනි, නුඹලා සාරවත් මිටියාවත් ගැන පාරට්ටු කරගන්නේ කුමට ද? අපට විරුද්ධ ව පැමිණෙන්නෝ කවුරු දැ යි කියමින්, නුඹලාගේ වස්තු කෙරෙහි නුඹලා විශ්වාසය තබන්නහු ය. 5නුඹලා වටකර සිටින සියල්ලන්ගෙන් නුඹලා පිට භීතියක් මම පමුණුවන්නෙමි. නුඹලා එකිනෙකා පන්නනු ලබන්නහු ය. පලා යන අය පිළිගැනීමට ද කිසිවෙක් නොවන්නෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.
6“එහෙත්, පසු ව අම්මොන්වරුන්ගේ වහල්කම මම පහකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ඒදොම් පිළිබඳ විනිශ්චය
7ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
12සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දඬුවම නමැති කුසලානෙන් පානය කිරීමට නුසුදුසු අය පවා පානය කළෝ නම්, නුඹලා දඬුවම් නොලබන්නහු ද? නැත. නුඹලා එය පානය කළ යුතු ම ය. 13බොශ්රා නගරය භීතියට ද සරදමට ද පාළුවට ද සාපයට ද ලක් වන බව මම දිවුරා කියමි. එහි අසල නගර සදහට ම පාළු වී යනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
14ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඒදොම්ට විරුද්ධ ව පහර දෙන පිණිස සේනාවක් සූදානම් කරගන්නැ යි කියන පිණිස විජාතීන් අතරට තානාපතියෙක් යවන ලද්දේ ය යන ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් මම ලදිමි. 15නුඹලා විජාතීන් අතර දුබල ජාතියක් ද මිනිසුන් ඉදිරියෙහි නිවටකමට පත් වූ ජාතියක් ද කිරීමට සමිඳාණන් වහන්සේ සූදානම් වන සේක. 16පර්වත ගුහාවල හා හෙල් මුදුන්වල වාසය කරන නුඹලා අනුන් බියගන්වන සුලු නුඹලාගේ සිත්හි උඩඟුකමෙන් රැවටී සිටින්නහු ය. නුඹලාගේ වාසස්ථානය රාජාලියෙකුගේ කූඩුව මෙන් ඉතා ඉහළින් පිහිටා ඇතත්, සමිඳාණන් වහන්සේ නුඹලා පහළට හෙළන සේක. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.”
17සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් භීතියට හේතුවක් වන්නේ ය. ඒ අසලින් යන සියල්ලෝ විස්මයට පත් වී ඊට පැමිණ තිබෙන විපත්ති ගැන දොඩන්නෝ ය. 18සොදොම්හි සහ ගොමොරාවේ ද එහි අසල නගරවල ද ඇති වූ විනාශය ඒදොම්ටත් සිදු වන්නේ ය. කිසි මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් එහි පදිංචි නොවන්නේ ය. 19ජොර්දානයේ වන ලැහැබින් නික්ම සරු ගොදුරු බිම් කරා පැමිණෙන සිංහයෙකු මෙන් මම අවුත් ඒදොම් වැසියන්ට සිය දේශයෙන් පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා සතුටු කෙනෙකු තෝරාගෙන රට පාලනය කිරීමට පත් කරනු ඇත. මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? කවර නම් නායකයෙක් මට එදිරි වන්නේ ද? 20ඒ නිසා, ඒදොම් වැසියන්ට විරුද්ධ ව කර ඇති යෝජනා ද තේමාන් නගර වැසියන්ට විරුද්ධ ව මා සූදානම් කර ඇති සැලසුම් ද ගැන සවන් දෙන්න. ඔවුන් කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. සියල්ලෝ ඔවුන්ගේ ඉරණම ගැන බියට පත් වන්නෝ ය. 21ඒදොම් වැටෙන විට, ඒ ශබ්දයෙන් පොළොව කම්පා වී යන්නේ ය. ඔවුන්ගේ කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙනු ඇත. 22සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.”
දමස්කය පිළිබඳ විනිශ්චය
23දමස්කය ගැන සමිඳාණන් වහන්සේ වදාළ දේ මෙසේ ය:
කේදාර් හා හාශෝර් පිළිබඳ විනිශ්චය
28බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද කේදාර් ගැනත්, හාශෝර්හි රාජ්‍යයන් ගැනත් සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:
ඒලාම් පිළිබඳ විනිශ්චය
34ශෙදෙකියා රජු ජුදාහි රජකමට පත්වීමේ පටන්ගැන්මේ දී, ඒලාම් රට ගැන සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක: 35“ඒලාම් බලවත් රටක් කළ දුනුවායන් මම මරාදමමි. 36මම ඒලාම්ට විරුද්ධ ව සතර කොනෙන් සුළං සතරක් හමන්න සලස්වා ඒ සුළඟින් එහි වැසියන් හැම අතට ම විසුරුවා දමන්නෙමි. ඒලාම් රටෙන් පන්නනු ලබන අය පලා නොයන රටක් නොවන්නේ ය. 37එසේ ය, මම ඒලාම්වරුන්, ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ ප්‍රාණය හානි කරන්න සොයන්නන් ද ඉදිරියෙහි බියගන්වා, මාගේ රුදුරු කෝපයෙන් ඔවුන් විනාශ කර, ඔවුන් සම්පූර්ණයෙන් වනසාලන තුරු මරණය ඔවුන් ලුහුබඳවා යන්න සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 38ඒලාම්හි රජවරුන් ද අධිපතීන් ද විනාශ කරදමා මම මාගේ සිහසුන එහි පිහිටුවන්නෙමි. 39එහෙත්, මතු දවස්වල දී ඒලාම් යළිත් සමෘද්ධිමත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”